ඩෙංගු රෝගය පිලිබඳ දැනුවත් වෙමු
හැඳින්වීම
ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි. මෙම රෝගය ඊඩිස් ගණයට අයත් මදුරුවන් දෙවර්ගයක් මගින් ව්‍යාප්ත කරනු ලැබේ. ශ්‍රී ලංකාව ඇතුළුව අග්නිදිග ආසියානු රටවල වසංගතයක් ලෙස පැතිර යන මෙම රෝගි තත්වය මෝසම් වැසි කාලයෙන් පසුව එනම් ජුනි. ජුලි, නොවැම්බර් දෙසැම්බර් මාස වල වැඩියෙන් දක්නට ලැබේ.
ශ්‍රී ලංකා වසංගත රෝග මර්දන ඒකකයට අනුව වසර 2009 තුළ ඩෙංගු රෝගීන් 32713 ක් වාර්තා වී ඇති අතර 2009 සැප්තැම්බර් වන විට 223 දෙනෙක් ඉන් මිය ගොස් ඇත. මෙම රෝගය බහුලව පැතිර පවතින දිස්ත්‍රික්කය නුවර වන අතර කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වලද රෝගීන් ඉහළ සංඛ්‍යාවක් හා මරණ වාර්තා වී ඇත.

මෙහි රෝගකාරක ඩෙංගු වෛරසය කාණ්ඩ 4ක් දක්නට ලැබෙන අතර වෛරසය ව්‍යාප්ත කරන මදුරු දෙවර්ගය නම් – ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස්ය. ඔවුන් වැඩිපුර දෂ්ට කරන්නේ දහවල් කාලයේය. මිනිසාට විෂබීජය ශරීර ගත වෙන්නේ රෝග කාරකය සහිත මදුරුවකු දෂ්ට කිරීමෙන් වන අතර ඉන් සිරුරේ යම් වෙනස්කම් කිහිපයක් සිදුවේ.
මෙහිදී වෛරසය වසා පද්ධතිය තුළට ඇතුල් වී සංඛ්‍යාවෙන් වැඩි වී රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වේ. සාමාන්‍යයෙන් දෙවැනි වරට වෛරසය ආසාදනය වීමෙන් රෝගය බරපතල විය හැක. එනම් වයිරසය ශරීර ගතවු බොහෝ දෙනෙකු අයත් වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සාමාන්‍ය වයිරස උණක රෝග ලක්ෂණ පෙන්නුම් කරන කාණ්ඩ වලටය. කිහිප දෙනෙකු ඩෙංගු රක්තපාත උණ හෝ ඩෙංගු කම්පන තත්වයට පත් විය හැක.

ඩෙංගු උණ තත්වයේදී ඇතිවන රෝග ලක්ෂණ ලෙස,
- තද උණ
- හිසරදය
- ඇස් යට වේදනාව
- පේෂි හා සන්ධි කැක්කුම
- සමේ රතු පැහැ ලප ඇතිවීම
- වමනය
- ආහාර අරුචිය දැක්විය හැකිය.
ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ නම්,
- දින 2 – 7 දක්වා පවතින අධික උණ
- සම යට කුඩා රතු පැල්ලම්
- විදුරු මස් වලින් ලේ ගැලීම නාසයෙන් ලේ ගැලීම
- කළු/දුඹුරු පැහැති වමනය හෝ මළ පහවිම (ආහාර ජීර්ණ පද්ධතිය තුළට ලේ ගැලිම නිසා)
- මුත්‍ර සමග ලේ පිටවීම
- අක්මාව ඉදිමීමෙන් වන අධික බඩේ වේදනාවයි
ඩෙංගු කම්පන තත්වයේ රෝග ලක්ෂණ නම්,
- ශරීරය සුදු මැලි වීම
- අත් පා සීතල වීම
- නාඩි වැටීම වේගවත්විම
- රුධිර පීඩනය අඩුවීමයි
ඩෙංගු කම්පන තත්වය හේතුවෙන් මරණය පවා සිදුවිය හැක. අක්මාව අක්‍රීය වීම, සිහි නැති වීම, වලිප්පුව, රුධිර වහනය, හෘද වස්තුව අක්‍රීය වීම රෝගය නිසා මිය යන හේතු අතරට අයත් වේ.
මෙහිදී ඔබගේ පවුලේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන සරල රුධිර පරීක්ෂණයක් මගින් මෙම රෝගී තත්වය පහසුවෙන් හදුනා ගත හැකිය.
රුධිර පරීක්ෂණ (FBC) – රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම, රෝගය ස්ථිර කිරීමට IgM, IgG නැමැති ප්‍රතිදේහ හඳුනා ගැනීම සිදුකරයි.
රුධිර පරීක්ෂණ (FBC) – රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම, රෝගය ස්ථිර කිරීමට IgM, IgG නැමැති ප්‍රතිදේහ හඳුනා ගැනීම සිදුකරයි.
රෝගි තත්වය වැලදුන අයෙක් ප්‍රතිකාර ලෙස,
- උණ ඇතිවිට හැකිතාක් විවේක ගැනීම
- වැඩිපුර දියර වර්ග ගැනීම
- උණ බැස්සවීමට නියමිත මාත්‍රාවට පැරසිටමෝල් පමණක් ද , ඇල් ජලයෙන් තෙමීම ද කල හැක.
- කිසිම විටෙක ඇස්ප්‍රීන් නොගත යුතුය.
- රතු පාට හෝ දුඹුරු පාට ආහාර හෝ බීම වර්ග නොගෙන සිටීම ද වැදගත් වේ.
දින 2කට වඩා උණ ඇත්නම් වහාම රජයේ රෝහලකින් හෝ සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙහිදී ඇතිවන සංකූලතා වලක්වා ගත හැකිය.
(ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණය කිරිම තවම පරීක්ෂණ තත්වයේ පවති.)
(ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණය කිරිම තවම පරීක්ෂණ තත්වයේ පවති.)
මෙවැනි රෝගි තත්ව වලක්වා ගැනීමට කටයුතු කිරීම තනි පුද්ගලයෙකු සතු කාර්‍යය භාර්යයක් නොවේ.සියලු පාර්ශවයන්ගේ සහයෝගය ලැබේ නම් ඩෙංගු මර්දනය කිරීම අපහසු කාර්යයක් ද නොවේ. මෙහිදී සතියකට වරක්වත් නිවස, පාසල හා සේවා ස්ථානය හෝ ඒ අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා බලා ඒවා විනාශ කිරීම. (ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන නම් මල් පෝච්චි, ටයර්, පොල් කටු, ටින්, කුහුඹු උගුල්, වැහිපීලි වතුර රැදෙන ශාඛ, තැඹිලි කෝම්බ වැනි දේය) මදුරු නාශක ඉසීම, දුම් ගැසිම මදුරු දැල් දිවා කාලයේ නිදා ගැනීමේදී භාවිතා කිරීම මදුරුවන් බෝවන ස්ථාන වලට කීටයින් විනාශ කිරීමට, තිලාපියන් වැනි මසුන්, බැක්ටීරියා (බැසිලස් තුරින්ජියෙනියිස් නැමැති) යොදා ගැනීම වැනි දෑ සිදු කිරීම ඔබගේත් අන් අයගේත් සුවබර හෙට දවස වෙනුවෙන් කරන්නාවු අනාගත ආයෝජනයකි.
No comments: