කවුද ඇත්තටම කුහක….
පුංචිම පුංචි කාලේ ජීව්තේ හීන තියනවා. ඒ අම්මල තාත්තලට අපට දෙන්න බැරිවුණ සැප සමිපත් අපි කොහොමහරි ඉගෙනගෙන ලබාගන්නවා කියලා. ඉතින් බහුතර පිරිසක් හීන දකින්නේ දොස්තර කෙනෙක් වෙන්න. අම්මල තාත්තලත් බලාගෙන ඉන්නේ අපේ එකා වෙද නළාවක් කරේ දාගෙන දොස්තර කෙනෙක් වෙලා ගෙදර එනකම්. ඔය හීනය හැබෑ කරගන්න නොසෑහෙන මහන්සියක් විඳලා දරුවන්ට උගන්නනවා රජයේ වෛද්‍ය විද්‍යාලයකට යවන්න. අපි මේකට කියමුකො හරි පාර කියලා.
ඹන්න ඹය අතරේ තව කට්ටියක් ඉන්නවා අතේ මුදල් හදල් යහමින් තියන, මුදල් වලට ඹිනි දෙයක් කරගන්න පුළුවන් කියලා හිතන. තමුන්ම හිතලා බලන්නකො ඹය වගේ කෙනෙක්ට දොස්තර කෙනෙක් වෙන්න ඹ්නි වුණොත් මොනවයින් මොනවා වෙයිද කියලා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා හා හා පුරා කියලා වෛද්‍ය පීඨයක් පටන් අරගෙන තියෙන්නේ ඹය වගේ කට්ටිය තම තමන්ගේ බඩ ගොස්තරේ රැක ගන්න තමයි. අනික ඉතින් ලක්ෂ 120 කියන්නේ එසේ මෙසේ ගාණක්යැ. හම්බ කරන්න කියාපු විදිය. හැබැයි ඉතින් තව ටික ටික කල් යද්දි ඹය කියන ලක්ෂ 120 කෝටි 4-5 ක් වෙන්නත් බැරි නෑ. මේක ඉතින් අමුතුම ජාතියෙ මිනිස්සු ඉන්න සිරි ලංකාවනෙ.
මෙතන ප්‍රශ්නෙ ඹය ලක්ෂ 120 හොයාගන්න පුළුවන් කීයෙන් කීදෙනාටද. එතකොට ඹය කියන ධනපති පැලැන්තියේ පිරිසට විතරද අනාගතේ වෛද්‍යවරු වෙන්න පුළුවන්… තව ටික කාලයක් ගියහම ළමයෙක් ඉපදෙනකොටම නම දාන්න පුළුවන් දොස්තර …….. කියලා. අතේ සල්ලි යහමින් තියනවා නම් කාටද පුළුවන් ඹය ළමයා දොස්තර කෙනෙක් වෙන එක නවත්තන්න. ඉස්සර කාලෙනම් තිබුනලු වෛද්‍ය සභාව කියලා ආයතනයක්. (SLMC) ඒකෙන් නියමිත ප්‍රමිතියකින් යුතු වෛද්‍යවරු විතරලු රටට දායාද කලේ. දැන් ඉතින් ඒව කොහෙද අහන අහන එකා දොස්තරලු. මොන විශ්ව විද්‍යාලෙද අහපුවම කිව්වෙ නැතැයි SAITM කියලා. ඉස්පිරිතාලෙකට ගිහින් බෙහෙත් ට්කක් ගන්නත් බයයි.කවුද දන්නෙ මොන මොනවා කියලා බෙහෙත් කරයිද කියලා.
හැංගි හොරා වෙස් බැන්ඳට නටන්න වෙන්නෙ එළිපිට කියලා ඹය කවුරු කවුරුත් දන්නවා ඇති මයෙ හිතේ. ඔය SAITM වෛද්‍ය පීඨයට අත්තිවාරම දාපු තැන ඉඳන්ම තිබුණේ කොහොමින් කොහොමහරි තම තමන්ගේ පොකට්ටු පුරවගන්න එකනේ. හරි කියමු බලන්න වැරදිලාවත් ලෙඩක් දුකක් හැදුනම පිටරට ගිහින් බෙහෙත් ගන්න අපේ සමහර දේශපාලඥයන්ටවත් ඹය SAITM එකේ අයිතිකරු කියන නෙවිල් ප්‍රනාන්දු මහත්තයටවත් තියනවද ලංකාවෙ සෞඛ්‍ය දියුණු කරන්න ඹිනි කියන හැඟීමක්.
ඹය ධනපති පැලැන්තියේ අයනමි කියන්නේ ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අත්‍යවශ්‍යයි කියලා. ඒ වගේම ප්‍රමිතිය කියන එක එයාලගෙ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා SLMC කියලා ආයතනයක් තවදුරටත් ලංකාවට අවශ්‍ය නෑ කියන එක තමයි එයාලගෙ මතය. ගොවියගෙ පුතා ගොවියෙක්ම වෙන්න ඹීනිද කොන්දොස්තරගෙ පුතා කොන්දොස්තර පොඩ්ඩා වෙන්න ඹ්නිද…අධ්‍යාපනය තුළින් මෙහෙව් චින්තන වෙනස් කරලා කාගෙ පුතාටත් දොස්තර වෙන්න පුළුවන් නමි එය සියල්ලන්ටම සමව ලැබිය යුතුයි කියන තැන අපි ඉන්නවා.ඒ අපි කුහක නිසා නෙවෙයි.අපි සාධාරණත්වය සමානාත්මතාව අනුව හා හිතට එකඟව වැඩ කරන හන්දා.ඹය අපිට ඇඟිල්ල දික් කරන කවුරු කවුරුත් තමන්ගෙ හෘද සාක්ෂියෙන් අහලා බලන්න කරන්නේ නිවැරදි දෙයක්ද කියලා.මොකද අද අපි හඬ නඟන්නේ තම තමන් වෙනුවෙන් නෙවෙයි ඹබ අපි මේ හැමෝම වෙනුවෙන්.උපන් නූපන් අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන්.තවත් පරපුරක් වෙනුවෙන්.අපට ලැබුණු නිදහස් අධ්‍යාපනය ඒ අයුරින්ම අනාගතයටත් රැක දෙන්න ඹිනි නිසා. . අන්න ඒ අයිතිය වෙනුවෙන් උර දෙන්න රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ අපි හඬනගන්නේ මේ තරමි කාලයක් පහත් තැනින් වතුර ගලාගෙන ගියාට ඒ වතුර බිංදු එකතුවෙලා සාගරයක් නිර්මාණය වෙනවා කියන යථාර්ථය අපි දන්න නිසයි.සවන්දෙන්නේ නැතිව ඇසීමත් දකින්නේ නැතිව බැලීමත් නිසා ඹබ ඹබේ දරුවාගේ වෛද්‍යවරයකු වීමේ සිහිනය පිපෙන්නට පෙරම පොඩිකර දමනවාද.කවුද ඇත්තටම කුහක…. තීරණය ඹබට බාරයි.
No comments: