Header Ads

Breaking News
recent

කා වෙනුවෙන්ද..?

සරසවි  සිසුන් මහ පාරේ       වෙහෙසෙන්නේ
ඉදිරිය පැහැදිලි ඇයි උන්              දගලන්නේ
SAITM එපා කියමින් ඇයි        බැටකන්නේ
කා වෙනුවෙන්ද  උන් සටනේ      පසුවන්නේ
අන්ද ගොලු බිහිරි මිනිසුන් ලෙස      හැසිරෙන්නේ
මේ මගෙ දරුවා වෙනුවෙන් බැව්    නොතකන්නේ
ඇති හැකි අයට  ඉගෙනුම දැන්        විකිනෙන්නේ
දස්කම් ඇතත් නැතිවෙයි අයිතිය               මත්තේ
පොඩි ගල් ගිලී මහ කලුගල්        පාවෙන්නේ
කොසොල් රජුන් දුටු සිහිනය       එලිවන්නේ
නුසුදුසු තැනට නුසුදුසු අය           පත්වන්නේ
තවමත් කිමද මර නින්දේ            පසුවන්නේ
ඇති සරසවි  වැසෙයි නොමිලේ     යන්න හැකි
නව සරසවි අරියි නොමිලේ            යන්ට බැරි
සිදුවන විපත පෙනි පෙනි මෙහි        ඉන්ට බැරි
කරනට යමක් කාලය දැන්             ඇවිත් ඇති

No comments:

Powered by Blogger.