පමා නෑ ඔබ තවම…
වෙද සභා අනුමැතිය
ඒ මොකක් කුමටදැයි?
අනේ මොකටද ඕවා
මොණර කොළ රඟන සඳ
නීතියේ දෙව්දුවක්
යවන්නට අයාලේ
මන්ද බැරි යන රටක
ගාල කැඩී ගොනුන් සේ
රූප පෙට්ටිය මොකෝ
ඇයි පත්තරේ, wireless
උන් සැවොම අවනතයි
කාසි රන්මසු ගොඩට
ඒ මොකක් කුමටදැයි?
අනේ මොකටද ඕවා
මොණර කොළ රඟන සඳ
නීතියේ දෙව්දුවක්
යවන්නට අයාලේ
මන්ද බැරි යන රටක
ගාල කැඩී ගොනුන් සේ
රූප පෙට්ටිය මොකෝ
ඇයි පත්තරේ, wireless
උන් සැවොම අවනතයි
කාසි රන්මසු ගොඩට
කාලා අද බුදියන්ට
හෙටත් මොනවාහරි කන්ට
තියේනම් තව මොකට
අරගලය? පිස්සුවට
මෙහෙව් මිනිසුණු ගහණ
ඒ අරුම දේශයේ
අරගලය කුහකයිලු
දුෂ්ඨයිලු වැකුණි කන
හෙටත් මොනවාහරි කන්ට
තියේනම් තව මොකට
අරගලය? පිස්සුවට
මෙහෙව් මිනිසුණු ගහණ
ඒ අරුම දේශයේ
අරගලය කුහකයිලු
දුෂ්ඨයිලු වැකුණි කන
ලක්ෂ 120 කට ඈවරයි දෑවරයි
වෙද උපාධිය මිලයි
හෙට ඔබේ නොදරුවට
මිනිසුනේ නැගටියව්
දෑස් හැර බලපියව්
දුෂ්ඨයිද අරගලය?
පමා නෑ ඔබ තවම
වෙද උපාධිය මිලයි
හෙට ඔබේ නොදරුවට
මිනිසුනේ නැගටියව්
දෑස් හැර බලපියව්
දුෂ්ඨයිද අරගලය?
පමා නෑ ඔබ තවම
No comments: