Header Ads

Breaking News
recent

අවසන් සටන

දස මස් කුස දරා මා වැදු                අම්මේ
ලේ කිරි පොවා මා හැදු                අම්මේ
ණය නැති වෙයන් රට හට කිව්     අම්මේ
හෙට රට අඬ ගසයි සටනට          අම්මේ
පෙනි පෙනි ගැලූ මව් කිරි ගඟුළට නොම      දෙවනී
පියතුම හදින් ගැලූ සෙනෙහස්                      අම මී
යම ගිනි මතින් මට සුර සැප දුන් පිය             රජුනී
රට ගිනි ගනී සටනට එඩි දෙනු                    මැනවී
සිවලුන් සිනාසේ සිංහාසනයේ                            වැජඹී
යුක්තිය පයින් පාගා නීතිය අැත                        කෙලසී
රජු දුටු සොළොස් සිහිනම අැත                          එළි වී
සටනට නොගොස් අැති ඵල කුමද ගෙයි මුල්ලේ ගුලි වී
ජීවක සිහින දුටුවේ දෙන්නට            ජීවේ
අද නාවොතින් හෙට නෑ ජීවක         හීනේ
එකෙකු නොවෙයි පරපුරකම           ජීවේ
රකින්නට වරෙව් අත හැර දහවල්    හීනේ

No comments:

Powered by Blogger.