Header Ads

Breaking News
recent

සුව නාරි සායනයෙන් ඇසෙන කතා…

නවීන වෛද්‍ය විද්‍යාවෙන් ලෙඩ රෝග බොහොමයකට විසදුම් සොයා ගත්ත ද පිළිකා කියන්නේ තවමත් විසදෙමින් පවතින ගැටලුවක්. ලංකාවේ කාන්තාවන්ට වැළදෙන පිලිකා තත්ව අතරින් ගැබ් ගෙල පිලිකා  දෙවන ස්ථානය උසුලනවා. නමුත් මෙහි සතුටුදායක තත්වය නම් පූර්ව පිළිකා තත්වයේ  දී හදුනාගත හැකිවීමත්  හදුනාගතහොත් මෙය සුව කල හැකිවීමත් ය. ගැබ් ගෙල පිලිකා බොහෝදුරට ගැබ් ගෙල ආශ්‍රිතව HPV වෛරස ආසාදනය දිගුකල් පැවතීම මගින් ඇතිවේ. ගැබ් ගෙල පිලිකා ඇති වීමට පෙර පුර්ව පිලිකා අවධියක් පවතිනවා. මෙම අවධියේ දී කාන්තාවන්ට සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර ඉන් පසුව මූලික රෝග ලක්ෂණ වශයෙන්,
  • යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය
  • ලිංගික සංසර්ගයට පසු රුධිර වහනය
  • යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුතු ශ්‍රාවයක් පිටවීම
  • මාස් ශුද්ධ වීම නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම
    (මෙම රෝග ලක්ෂණ පිලිකාවක් නොවන වෙනත් රෝග තත්ව වලදී වුවද ඇති විය හැක)
img-20170202-wa0025
ගැබ් ගෙල පිලිකා වැලදීමේ අවදානම වැඩි පුද්ගලයන් ලෙස,
  •  හියුමන් පැපිලෝමා (HPV) නැමති වෛරසය ආසාදිත කාන්තාවන් (මෙම අවදානම සරල පරීක්ෂාවකින් හදුනාගත හැකිය)
  • අඩු වයසින් ලිංගික චර්යා අරඹන කාන්තාවන්
  • බහුපුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්
  • ලිංගිකව සම්ප්‍රේෂනය වන වෙනත් රෝග වැලදුනු කාන්තාවන් සැලකිය හැකියි.
img-20170202-wa0026
ඉහත අවදානම් ඇති කාන්තාවකට අවුරුදු 35ට පෙර ද අන් ඕනෑම කාන්තාවකට අවුරුදු 35 සිට ඉහලට ද පැප් පරීක්ෂණය මගින් පූර්ව පිළිකා අවදිය හදුනා ගත හැකිිය. මෙය කාන්තා ඔබේ ඔසප් නොවන දිනයකදී  ප්‍රදේශයේ සුවනාර  සායනයෙන් නොමිලේ කරගත හැකි සරල ,වේදනාවක් නොමැති පරීක්ෂාාවකි. ඉන් පූර්ව පිළිකා සෛල තිබේදැයි සොයාගැනේ.එහි නිගමනය අනුව පිළකා සෛල අදුනා ගතහොත්, වෛද්‍ය උපදෙස් සහ ස්ථිර පරීක්ෂණ වලට යොමුකිරීම  හෝ ඔබට නැවත වසර 5කින් පරීක්ෂණය කිරීම සිදුවේ.මෙමගින් කාන්තාවන් රැසකට ගැබ්ගෙල පිළකාව පැතිරීම වැලකී ඇත.
දැනුවත්  කාන්තාවක්  ලෙස ඔබේ අවදානම අඩු කර ගැනීමට නම්,
  • විවාහය තෙක් ලිංගික චර්යා ඇරඹීම පමා කිරීම
  • ලිිංගික චර්යා විශ්වාසවන්ත එක් සහකරුවෙක්ට පමණක් සීමා කිරීම
  • අනාරක්ෂිත ඇසුරකදී උපත් පාලන කොපු භාවිත කිරීම
  • පැපිලෝමා වෛරසයට එරෙහි එන්නත ලබා ගැනීම
මගින් ඔබත් නිරෝගි සුවබර දිවියක් සදහා දැනුවත් වී අන්යන් ද දැනුවත් කරන්න.

No comments:

Powered by Blogger.